This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Data Burn Technology

Tuesday, January 7, 2020

1

2050 දී ලෝකය හා අපි 


අයුබෝවන්  ඉතින් මේ තමයි මගේ පලවෙනි වෙබ් අඩවියේ පලවෙනි post ඒක තව ගොඩක් post මෙි වෙබ් අඩවිය ත්ල ඹයාලට බලගන්න ප්‍රුඑවන්.  2018 දී මෙහෙම වුණාට 2050 දී අපේ දවස කොහොම ගතවෙයිද?අපි ජීවත් වෙන ලෝකය මොන වගේ තැනක් වෙයි ද? බහුතරයක් වයස්ගත අය සෑම හය දෙනෙකුගෙන් ම එක් අයෙක් වයස හැට ඉක්ම වූ අයෙකි.2050 දී දුප්පත් රටවල ජනගහන වර්ධන වේගය ඉහළ ගියද සංවර්ධිත රටවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. එම රටවල උපත් අනුපාතයේ පහළ යාමක් සිදු වෙනවා. නමුත් උපතේදී ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් වයස 76 ඉක්මවා යාහැකි බව යි දැනට පවතින මතය වන්නේ.මේ හේතුවෙන් ලෝකයේ සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන්ම එක් අයෙක් වයස හැට ඉක්මවූ අයෙක් බවට පත් වෙනවා. එසේම වයස්ගත ජනගහනය වැඩි වීම නිසා වයස හා සම්බන්ධ චිත්ත වික්ෂේපය (Dementia) වැනි රෝගයන්ගෙන් පෙළන පුද්ගල සංඛ්‍යාව දැන් පවතින අගය මෙන් තුන් ගුණයකින් ඉහළ යනවා. එසේම පිළිකා සහ දියවැඩියා රෝගීන් සංඛ්‍යාවද දෙගුණයක් වන්නේ සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් ම එක් අයෙක් ගොදුරු කරගනිමිනි.🤩🤩🤩

      
ලෝක ජනගහනය බිලියන 9.6 ක් දක්වා ඉහළ යනු ඇත දැනට දළ වශයෙන් ලෝක ජනගහනය බිලියන හත ඉක්මවා ගිහින්. නමුත් 2050 වසරේ දී මේ අගය මෙයට වඩා බොහොම ඉහළ අගයක් ගන්නා ඇති බවට විවිධ මූලාශ්‍ර අනාවැකි පළකරලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව එය බිලියන 9.6 කට ආසන්න අගයක් ගන්නවා. දැනට ඇති අගය මෙන් 30% ඉක්ම වූ වැඩි වීමක් සිදු වේ.දැනටම මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අරගලයක යෙදෙන දුප්පත් රටවල ජනගහන වර්ධන වේගය 2050 දී අනෙක් රටවල සාපේක්ෂ ව ඉහළ අගයක් ගනියි. සෞඛ්‍ය පහසුකම් වැඩිහිටි ජනගහනයට විවිධ රෝගාබාධවලින් පීඩා විඳීමට සිදු වුවද 2050 දී ලෝකයේ ළමා සහ තරුණ ජනගහනයෙන් බහුතරය ඉතා නිරෝගී අයයි. එයට හේතුව ලෙස ඉහළ වෛද්‍ය පහසුකම් වර්ධනය වීම හඳුන්වන්න පුළුවන්.දැනට වාර්ෂික ලෝක ජනගහනයෙන් මිලියන දෙකක පමණ පිරිසක් මැලේරියා සහ ඒඩ්ස් වැනි රෝගයන් හේතුවෙන් මිය ගියද 2050 වසර වන විට අඩ සියවසක් තිස්සේ සිදුවූ විද්‍යාත්මක පර්යේෂණ මගින් මෙවැනි රෝග සඳහා සාර්ථක එන්නත් සොයා ගැනීම සිදුවනු ඇතැයි විශ්වාස කරනවා. එසේම විද්‍යාඥයින්ගේ මතය වන්නේ බොහෝ ඖෂධ නිපදවීම සඳහා දුම්කොළ සහ පොපි මල් යොදා ගනු ඇති බවයි. 



විද්‍යාඥයින්ගේ මතය අනුව 2050 දී දැනට පවතින පරිගණක මෙන් දහස් ගුණයක් බලයෙන් වැඩි පරිගණක නිපදවීම සිදු වෙනවා.ඒ අනුව වර්තමානයේ දී ඇමෙරිකානු ඩොලර් 500 ක් ගෙවා මිල දී ගන්නා පරිගණක කොටසක් අනාගතයේ දී ඇමෙරිකානු ඩොලර් .50 ක් වැනි ඉතා සුළු මුදලකට අලෙවි විය හැකියි. මේ හේතුවෙන් ලෝකයේ සෑම දෙනාටම පාහේ පරිගණක භාවිතය සඳහා දොරගුළු විවර වෙනවා. එසේ ම 2050 දී පරිගණකය හරහා අපගේ මොළයේ විද්‍යුත් සංස්කරණයක් ඩිජිටල් අවකාශයට upload කිරීමේ අවස්ථාව හිමිවෙනවා. ඒ අනුව කැමති අයෙක්ට පරිගණක මතකයක් ඔස්සේ ජීවත්වීම පිළිබඳ සාම්ප්‍රදායික මතය අබිබවා ගිය සදාකාලික ජීවිතයක් ළඟා කර ගත හැකියි.




2050 දී ලෝකය තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉහළම ස්ථානයක සිටියද බිලියන නවය ඉක්මවාගිය පුද්ගල සමූහයකගේ අවශ්‍යතා පිරිමැසීම සඳහා පවතින ස්වභාවික සම්පත් ශීඝ්‍රයෙන් ක්ෂයව යාම නතර කිරීම හෝ යළිත් වරක් කෘතිමව ස්වභාවික සම්පත් උත්පාදනය කිරීම සඳහා එයට කළ හැකි දෙයක් පවතින්නේ නැහැ. ඒ අනුව මිනිසාගේ සුවතාවය සහ පාරිසරික සුවතාවය අතර පවතින සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා ‘සාකල්‍ය සුවතාවය’ නම් සංකල්පයක් හඳුන්වා දෙනවා.ඒ අනුව හුදෙක්ම සම්පත් ප්‍රතිචක්‍රීයකරණය කරනවා වෙනුවට ලෝහ වර්ග සහ තෙල් අණු නැවත භාවිතා කිරීමේ ක්‍රමවේදයක් වර්ධනය කිරීම සිදුවෙනවා. මෙසේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේදයේ වර්ධනය නිසා වර්තමානයේ දී මෙන් 2050 දී ප්‍රතිචක්‍රීයකරණය


හේතුවෙන් අදාළ නිෂ්පාදිතයේ වටිනාකම හෝ තත්ත්වය බාල වීමක් සිදු වන්නේ නැහැ. එසේම භාණ්ඩ නිෂ්පාදනයේ දී ඒවායේ සැබෑ වටිනාකම 100% ක් ආරක්ෂා වන ආකාරයට ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි වන ලෙස එම ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සිදු වෙනවා. 2050 වසරේ දී වාහන හෝ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාවේ යෙදවීම සඳහා තව දුරටත් ඛනිජ තෙල් අවශ්‍ය නොවුණද ගුවන් යානා ඉන්ධනයක් ලෙස එය තව දුරටත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස පවතිනවා. නමුත් අනෙකුත් කටයුතු බොහෝමයක් සඳහා අවශ්‍ය වන ශක්ති ප්‍රභවය ලෙස යොදා ගන්නේ හිරු එළියයි. මේ අනුව සූර්ය ශක්තිය එක් රැස් කිරීම සඳහා 2030 වර්ෂය වන විට සහරා කාන්තාරය වැනි ප්‍රදේශවල දැවැන්ත සූර්ය බලශක්ති මධ්‍යස්ථාන ගොඩ නැංවීම ආරම්භ කිරීම දැකීමට අපට හැකියාව ලැබෙයි.එසේම හිරු එළියට අමතරව තවත් වැදගත් ශක්ති මූලාශ්‍රයක් ලෙස ඉතා විශාල ලෙස න්‍යෂ්ටික බලය භාවිතා කිරීම සිදුවෙනවා. 



අනාගතයේදී රෝහල් වැනි ස්ථාන සඳහා හෝ විශාල ඇසුරුම් යැවීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීම සිදුකරනු ඇතැයි මත පළවී තිබෙනවා. එසේම ගොඩනැගිලි නිර්මාණය, නිෂ්පාදන ක්‍රියාවලි සහ අලුත්වැඩියා කිරීම් වැනි කටයුතු සඳහා තාක්ෂණය යොදා ගනිමින් ආරක්ෂිත ඇඳුම් නිර්මාණය කිරීම සිදු වෙනවා. මේ මගින් බලාපොරොත්තු වන්නේ රැකියාවේදී සිදු වෙන අනතුරු සැලකිය යුතු තරම් අඩු කර ගැනීමයි.එසේම 2050 වසරේදී අධ්‍යාපන කටයුතු සඳහා තාක්ෂණය මගින් විශාල රුකුලක් ලබා දෙනවා. පළමු ලෝක සංග්‍රාමය පිළිබඳව පෙළපොත් මගින් හැදෑරිමේ කාලය අවසන් වී අධි තාත්වික ඩිජිටල් නිර්මාණ ඔස්සේ සිසුන්ට සැබෑ ලෙසම පළමු ලෝක සංග්‍රාමය තුළට පිවිසීමට අවස්ථාව උදාවෙනවා.

ඉහළ යන ජනගහනය, තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව සහ ස්වභාවික සම්පත් ක්ෂය වීම යන හේතූන් නිසා 2050 දී දැන් පවතින තත්ත්වය මෙන් 50% ගුණයකින් පාරිසරික ගැටලු ඉහළ යාම සිදුවිය හැකියි. ඒ අනුව ලෝකයාට මුහුණ දීමට සිදු වන අනාගත පාරිසරික අභියෝගයන් ලෙස උෂ්ණතවය ඉහළ යාම, ග්ලැසියර දියවීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මුහුදු ඛාදනය සිදු වීම, ජෛව විවිධත්වයේ බිඳ වැටීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන පහළ වැටීම හඳුනාගෙන තිබෙනවා.නමුත් මෙයට වඩා හාත්පසින්ම වෙනස් මතයක්ද ඉදිරිපත්ව තිබෙනවා. ඒ අනුව දැනටම රටවල් පරිසරය සුරැකීම සඳහා විවිධ ක්‍රියාමාර්ගයන් ගෙන ඇති නිසා අනාගතයේ දී අදට වඩා හරිත පැහැ ලෝකයක් බිහිවීමට හැකියාවක් ඇති බවයි ඇතැම් විද්‍යාඥයින්ගේ මතය වන්නේ. 😎😎😎 ඉතින් මෙි ලිපිය අවසන් කරන ගමන් මේ විඩියොවත් බලල like පරක්ත් දාගෙනම යන්න හොදේ😎😎😎






Facebook ඩිස්ලයික් බොත්තමක් නොදමන්නේ ඇයි?












ලෝකයේ ජනප්‍රියම සමාජ ජාලා වෙබ් අඩවිය වන ෆේස් බුක් හි තාක්ෂණික හැඩහුරුකම අංගෝපාංග කලින් කලට වර්ධනය වෙයි.වෙනස් වෙයි. ෆේස් බුක් මුල්වරට හඳුන්වා දුන් ‘ලයික්‘ බොත්තම එම ආයතනයේ අනන්‍යතාවය හිමිකරගත් සලකුණක් වෙයි. මේ දක්වාම ෆේස්බුක්හි හුවමාරුවන විවිධ දේවල්වලට ලයික් කිරීම බොහෝ අයට හුරුපුරුදු කටයුත්තක් වී තිබේ. ෆේස් බුක් ලයික් (කැමැත්ත) පිළිබඳ ඡන්දය ලබාදීම

එම පෝස්ටුව පළකරන තැනැත්තාට උත්තේජනයක් සපයයි. නමුත් ඇතැම් අය පළකරන දේවල් වලට අකමැත්ත තිබුණත් එයට ‘ඩිස්ලයික්‘පළ කිරීමට බොත්තමක් නැත. ඇතැම් ප්‍රවෘත්ති වෙබ් අඩවි වල කොමෙන්ටු වලට පවා ලයික් හා ඩිස්ලයික් වෙනම අන්තර්ගත වුවත් මේ තාක්ෂණික වෙනස කරන්නට ෆේස් බුක් උනන්දු නොවූයේ මන්දැයි බොහෝ අයට ගැටලුවක් විය මේ අඩුව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවත්වන විවිධ දේශන අතරදී කලෙක සිටම බොහෝ අය අසා තිබෙන මුත් ඔහු එයට හරි පිළිතුරක් දී තිබුනේ නැත. ‘මං ඒ ගැන බලන්නම්‘ ආදී දේ කියමින් ඔහු එම ප්‍රශ්නය මගහැර ගොස් ඇති අවස්ථා කිහිපයක්ම වාර්තා වී තිබිණි.

පසු කලෙක 2014 සකර්බර්ග් පැවැත්වූ එක්තරා වැඩමුළුවකදී මෙම ප්‍රශ්නය ගැන ඔහු වෙනම කථා කරතිබේ.‘මං දන්නවා ෆේස් බුක් බලන අයට විවිධ විවේචන තිබෙනවා. ලයික් බොත්තම ගැලපෙන්නෙ නැති තැන් තියනවා. උදාහරණයක් හැටියට ජාතික ව්‍යසනයක් ගැන දැනුම්දීමක්, කෙනෙකුගේ අභාවයක් වැනි දේකදී ලයික් බොත්තම කාටහරි වේදනාවක් ගෙන දෙන ප්‍රතිචාරයක්. අපි ඒක ඉදිරියේදී වෙනස් අදහස් වලටත් ඉඩ දෙන එකක් කරනවා.‘සකර්බර්ග් කියූ ලෙස මින් වසරකට පමණ පෙර ලයික් බොත්තමට අමතරව “Love” ,”Haha” ,”Wow” ,”Sad” සහ “Angry”හඳුන්වාදුන්නේ ඒ අනුවයි. නමුත් ‘ඩිස්ලයික්‘ එතැනත් නැත. මේ වනතුරු ෆේස්බුක් ඩිස්ලයික් බොත්තම නොදැමීම ගැන ටෙක් ඉන්සයිඩර් තාක්ෂණික වෙබ් අඩවිය අපූරු පැහැදිලි කිරීමක් කර තිබුණි. පුද්ගලයින් අතර අන්‍යොන්‍ය සම්බන්ධය වර්ධනය කිරීම ෆේස් බුක්හි පරම අරමුණයි. මනෝ විද්‍යා සිසුවෙකු ලෙස හාවඩ් සරසවියේ අධ්‍යාපනය හැදෑරූ සකර්බර්ග් සිය තාක්ෂණික නිර්මාණය වූ ෆේස්බුක්හි ක්‍රියාකාරකම් හා උපාංග බොහෝ විට මුල සිටම විද්‍යාත්මක පදනමකින් පෙළගස්වා ඇත. ඒ අනුව පුද්ගලික සන්නිවේදනයේදී ‘ඩිස්ලයික්‘ බොත්තමකින් වන හානිය ඔහු කල්පණා කරන්නේ යම් කෙනෙක් කියූ දෙයකට ‘මූණට දමා ගැසීමක්‘ ලෙසයි. අලුතින් එක් කළ ‘ඇන්ග්‍රි‘ බොත්තම
  අකමැත්ත වෙනුවෙන් කෙනෙකුට සලකුණු කළ හැකි වුවත් එය අර තරම් ප්‍රබල නැත. ඩිස්ලයික් බොත්තමක් දැමුවොත් පුද්ගලයින් අතර
  අන්‍යොන්‍ය සම්බන්ධය බිඳදමන්නට එය හේතුවනු ඇතිවාක් මෙන්ම එමගින් ෆේස් බුක් පැතිරවීම (‘මාකට් කිරීම‘) සම්බන්ධයෙන්ද
  ගැටලු පැනනගිනු ඇති බව සකර්බර්ග් මුල සිටම විශ්වාස කළේය. ප්‍රවෘත්ති වෙබ් අඩවි වල නොදන්නා පුද්ගලයින් කොමෙන්ටු වලට ඩිස්ලයික්
  දැම්මාට මත පළකිරීම සම්බන්ධයෙන් කාගේවත් හිත් අමනාපකම් ඇති නොවන නමුත් ෆේස්බුක් පෝස්ටු හෝ කොමෙන්ටු ඩිස්ලයික් කිරීම
  බොහෝ විට දන්නා පුද්ගලයින් අතින් සිදුවන නිසා බරපතල තත්වයන් මතුවිය හැකි බව සකර්බර්ග් විශ්වාස කරයි. එබැවින් ෆේස් බුක්හි ඩිස්ලයික්
  බොත්තමක් ඉදිරියටත් අඩංගු නොවනු ඇත.